3:49 AM |



පරිගණක වෛරස් යනු මොනවාද ?




                පරිගණක වෛරස් යනු, තමා විසින්ම පිටපත් කර ගන්නා ස්වාධීන වූ ක්‍රමලේඛන විශේෂයකි.Boot Sector හා මෘදු තැටි,දෘඪ තැටි ක්‍රමලේඛන සම්බන්ධව තමන්ගේම පිටපත් අත් කර ගැනීම කිසියම් කේතයක් ඈදා ගැනීම මෙමගින් සිදුවන අනර්ථකාලී ක්‍රියාවන්ය. මෙහි වූ විශේෂ ලක්ෂණයක් වන්නේ, පරිගණක වැඩසටහන්වල ක්‍රියාකාරීත්වයට වෙනත් පරිගණක වැඩසටහනකින් පාලනය වීමයි. මෙය දත්ත විනාශ කරන අතර පද්ධතිවලට බලපෑම් එල්ල කරන ක්‍රමලේඛන විශේෂයකි.පරිගණක වෛරස්වල ප්‍රධාන ලක්ෂණ 3ක් දැකිය හැකිය.


          1) භාවිතා කරන්නාගේ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වීම.
          2) අනෙක් පරිගණක වැඩසටහන්වල ක්‍රියාකාරීත්වය අවුල් කිරීම.
          3) තමා විසින් නැවත නැවත පිටපත් කරගනිමින් ව්‍යාප්ත වීම.



වෛරස් නිර්මාණය කිරීම විවිධ පුද්ගලයන් විසින් සිදුකරනු ලබයි.





             1)  Anti-Virus මෘදුකාංග නිපදවන ආයතන               
           2)  අන් අයෙකුට පීඩා කරමින් ආශ්වාදයක් ලබන්නන්              
           3)  සමාජ පිළිගැනීම ගිලිහුනු පුද්ගලයන්                
           4)  සීමිත සමාජ හුරුවක් ඇති විශ්ව විද්‍යාල සිසුන්              
           5)  විනාශකාරී හැගීම්බර තරුණයන්               

 පීටර් නෙලරිගේ අදහසට අනව වෛරස් රචකයන් දකින්නේ,
         
  • බොහෝ විට තනි පුද්ගලයන්ට වඩා සංවිධාන මගින්( මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ විද්‍යා තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබු ආකී කල්ලිය)
  • ස්වීඩනයේ ක්‍රියාත්මක වන International write සංවිධානය
  • ඔිලන්දයේ ක්‍රියාත්මක වන trydend සංවිධානය (විහිලු කිරීමේ අරමුණින්) 

 මුල්ම පරිගණක වෛරසය 





       ඇමරිකන් ජාතික පරිගණක ඉංජිනේරුවෙකු වන පෙඩ් කොහොන් විසින් නිර්මාණය කළ ගුවන් ගමන් පාලන පරිගණක අක්‍රීය කරන ලද පරිගණක වෛරසයි. මුල්ම විපාකය ලෙස සැලකෙන්නේ, 1988 ඇමරිකන් ජාතික රොබට් ටොපෑන් මොරිස් විසින් නිපදවන ලද වෛරසයක් මගින් ඇමරිකන් ආරක්ෂක දෙපාර්තුවෙන් පරිගණක වෛරසය අක්‍රීය වීම පෙන්වා දිය හැකිය.ශ්‍රී ලංකාවේ නිපදවූ ප්‍රථම වෛරසය ලෙස සැලකෙන්නේ 2001 මැයි මස 17 වන දින නිකුත් වූ මාවනැල්ල නම් පරිගණක වෛරසයි.

වෛරස් නිපදවන්නාගේ අරමුණු




  1. අත්හදා බැල්මක් වශයෙන්.
  2. මනෝ්කාරක බව.
  3. අන් පරිගණක හිතාමතා දූෂිත කිරීමෙන් තෘප්තියක් ලිබීමේ අවශ්‍යතාවය.
  4. විහිලුවක් කිරීමේ අරමුණක්
  5. ප්‍රචණ්ඩකාරී මනසින්
  6. හුදු වික්‍රමයක් කිරීමේ අරමුණින්
  7. තම මෘදුකාංග අන් අය ව්‍යාජ ලෙස පිටපත් කිරීම වැළැක්වීම සදහා
  8. අන් අයගේ තොරතුරු ව්‍යාජ ලෙස ලබා ගැනීම සදහා
  9. ප්‍රතිවෛරස මෘදුකාංග ලිවීමේ ප්‍රවණතාවයක් ඇති කිරීමට
  10. වෛරස ගැන දැනුවත් කර අධ්‍යාපනික දැනුමක් ව්‍යාප්ත කිරීමේ අරමුණින්
  11. පරිගණක වැඩසටහන් එකිනෙක අනුයුක්ත කිරීමේ අරමුණින්


  වෛරස් නිපදවීමේ පියවර


  • වෛරස් වැඩසටහන් ලිවීම
  • ව්‍යාප්ත වුවාද යන්න අත්හදා බැලීම
  • ප්‍රහාරාත්මක අවධිය නිර්මාණය

                              වෛරස් රැදී ඇති තැන්    

  • වෙනත් පරිගණක වැඩසටහන් තුළ
  • මෙහෙයුම් පද්ධති තුළ
  • මතකයේ යම් තැනකට ප්‍රවේශවී තිබීම
  • Boot Sector තුළට පිවිස තිබීම
  • විවිධ ලිපිගොනු තුළ                                                              උදා:- Zip, EXE, SER,VBS,BAT,DOC,AXP,COM,PIF,Flopy Disk හෝ CD/DVD , Flash Drive දැමූ


    
       
  











0 comments:

Post a Comment